වෛරී අපරාධ වැඩිවීමට එරෙහි සාකච්ඡා පැවැත්වීමට ධවල මන්දිරයට පැමිණි BTS සාමාජිකයෝ


ආසියානු හා ඇමරිකානු පුද්ගලයන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධව සාකච්ඡා කිරීමට BTS සාමාජිකයන් ධවල මන්දිරයට පැමි??

.

ආසියානු - ඇමරිකානු ජාතිකයින් ඉලක්ක කර ගනිමින් සිදුවන වෛරී අපරාධ ප්‍රමාණය ඉහළයාමට එරෙහිව සටන් කිරීම පිළිබඳව ජනාධිපති Joe Biden සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා BTS සාමාජිකයින් අඟහරුවාදා ධවල මන්දිරයට පැමිණ ඇති බව වාර්තා වේ. 

 

ආසියානු ඇමරිකානු සහ පැසිෆික් දූපත් වැසියන්ගේ උරුමය පිළිබඳව තේමා කරගනිමින් මැයි 31 වන දින ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean-Pierre සමඟ පැවති සාකච්ඡා සදහා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වන J-Hope, RM, Suga, Jungkook, V, Jin සහ Jimin සහභාගී වී තිබේ . 

 

"වෙනස් වීම වරදක් නොවේ.සමානාත්මතාවය ආරම්භ වන්නේ අප අපගේ සියලු වෙනස්කම් විවෘත කර වැළඳ ගන්නා විටය. සෑම කෙනෙකුටම තමන්ගේම ඉතිහාසයක් ඇත. වටිනා පුද්ගලයෙකු ලෙස සෑම කෙනෙකු පිළිබඳවම අවබෝධ කර ගැනීමට සහ ගරු කිරීමට අද සිට එක් පියවරක් ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් සාකච්ඡා අවසානයේ අදහස් දක්‌වමින් කණ්ඩායම් සාමාජිකයෙකු වූ V පැවසීය.

 

115 Views

Comments