පුනර්ජීවනය කිරීමට නියමිත අගනුවර සංචාරක ව්‍යාපාරය 


Tokyo සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට ජපාන රජය කටයුතු සූදානම් කරයි

.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නගර නිවැසියන් සඳහා මීට පෙරදී ආරම්භ කර තිබූ සහනාධාර ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පදනම මත නැවත වරක් ජූනි 10 දින සිට ආරම්භ කිරීමට ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය විසින් සැලසුම් සකස් කර ඇති බව ආණ්ඩුකාර Yuriko Koike ජූනි 3 දා පැවැති නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

 

මෙහිදී Corona වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ අගනුවර සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින් අගනුවර තුළ සංචාරයේ නිරත වන නගර වැසියන් සදහා "Motto Tokyo" ව්‍යාපාරය මගින් ජුලි මස අවසානය වනතුරු එක් රාත්‍රියකට යෙන් 5,000 දක්වා වූ නවාතැන් ගාස්තු ආවරණය කරනු ලබයි. 

 

සහනාධාරය ලබාගැනීම සඳහා අයදුම්කරුවන් එන්නත් මාත්‍රා තුනම ලබාගෙන ඇති බවට හෝ COVID-19 සඳහා ඍණාත්මක පරීක්‍ෂණයක් සිදුකර ඇති බවට සාක්ෂි පෙන්විය යුතු අතර "Motto Tokyo" හි https://motto-tokyo.jp ප්‍රචාරක වෙබ් අඩවියට ඇතුළු වීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැකි වේ.

105 Views

Comments