කොවිඩ් සඳහා වන PCR සහ RAT පර්යේෂණ සඳහා ඉල්ලුම ඉහළ යයි


පිට පිට දෙවන දිනටත් ජපානය තුළින් දෛනිකව වාර්තා වූ රෝගීන් ගණන 50,000 ඉක්මවීමත් සමඟම ...

.

පිට පිට දෙවන දිනටත් ජපානය තුළින් දෛනිකව වාර්තා වූ රෝගීන් ගණන 50,000 ඉක්මවීමත් සමඟම PCR සහ RAT covit පර්යේෂණ සඳහා වැඩි පිරිසක් ඉල්ලුම් කිරීමට පටන් ගෙන තිබේ. පාසල් වලින් සහ අනෙකුත් සේවා ස්ථානවලින් දිගින් දිගටම රෝගීන් වාර්තා වාර්තා වීම හමුවේ මෙකී දැඩි ඉල්ලුම ආරම්භ වී තිබේ.

වාර්තා සඳහන් කරන පරිදි ටෝකියෝ ඇතුළු ප්‍රධාන නගරවල  සායනික කොවිඩ්  පර්යේෂණ  මධ්‍යස්ථාන සියල්ල පර්යේෂණ සඳහා රෝගීන් ඇතුළත් කර ගැනීමේ සංඛ්‍යාව උපරිම ධාරිතාවයන් වෙත දැනටමත් ළඟා වී අවසන් බවයි.

කෙසේ වෙතත් ඉතා කඩිනමින් කොවිඩ් පරීක්ෂණ සිදුකර ප්‍රතිඵල නිකුත් කිරීමට මෙම රසායනාගාර සේවකයින් ක්‍රියා කරමින් සිටින බව සැලවේ. කෙසේ වෙතත් අදාළ  සෞඛ්‍ය අංශ දැනුවත් කර සිටින්නේ තමන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් පර්යේෂණ කර ගැනීමට ඉක්මන් නොවන ලෙසත් එමගින් මෙම තදබදය අවම කරගැනීමට හැකිවනු ඇති බවත් ය. 

317 Views

Comments