වැසිකිළියේ කැමරාවක් සවි කළ පාසලේ උප විදුහල්පතිවරයා අත්අඩංගුවට


කාන්තා පාසල් වැසිකිළියක කැමරා සවි කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනී

.

කනිෂ්ඨ උසස් පාසලක කාන්තා වැසිකිළිය තුළ කුඩා කැමරාවක් තැබීම සම්බන්ධයෙන් Hokkaido  ප්‍රාන්තයේ Shinhidaka  පොලිසිය විසින් සැකපිට Kiyoshi Onodera නම් 47 හැවිරිදි පාසලේ උප විදුහල්පතිවරයා   අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

පසුගිය ජුනි 6 වන දින  පාසල් ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටා ඇති වැසිකිළිය තුළ කුඩා පෙට්ටියක් සඟවා ඒ තුළට කැමරාව දැමූ බවට Onodera පොලීසියට පාපොච්චාරණය කර තිබේ . 

 

පාසලේ සේවකයෙකු ජුනි 7 වන දින වැසිකිළි කුටියේ තබා තිබූ කැමරාව දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් බවත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර පැවැති පරීක්ෂණයකින් අනතුරුව සෙනසුරාදා දින මෙලෙස Onodera අත්අඩංගුවට ගත් බවත් පොලීසිය නිවේදනය කළේය.

Comments