ජපාන මුහුදට කෙටි දුර බැලස්ටික් මිසයිල එල්ල කළ උතුරු කොරියාව 


උතුරු කොරියාව ජපාන මුහුදට කෙටි දුර බැලැස්ටික් මිසයිල යොමු කරයි

.

දකුණු කොරියාව සහ එක්සත් ජනපදය දකුණු ජපානයේ ඔකිනාවා  ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් සම්බන්ධ ඒකාබද්ධ අභ්‍යාස අවසන් කිරීමෙන් දිනකට පසුව උතුරු කොරියාව විසින් ජපාන මුහුද දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල අටක් දියත් කළ බව දකුණු කොරියානු හමුදාව අද දින නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 

 

මෙහිදී ජපාන ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi කියා සිටියේ උතුරු කොරියාව රටේ නැගෙනහිර සහ බටහිර වෙරළ තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ ස්ථාන තුනකට වැඩි ප්‍රමාණයකින් අවම වශයෙන් බැලස්ටික් මිසයිල හයක්වත් එල්ල කර ඇති අතර ඒවා කිලෝමීටර් 300 සිට 400 දක්වා නැගෙනහිර දෙසට ගමන් කර ඇති බවයි.  

 

ටෝකියෝවේ ඊසාන දෙසින් පිහිටි Fukushima ප්‍රාන්තයේ වාර්තාකරුවන් නැගූ ප්‍රශ්න වලට අදහස් දක්‌වමින් ජපාන අගමැති Fumio Kishida පැවසුවේ “එවැනි දියත් කිරීම් ජාත්‍යන්තර ප්‍රජාවේ සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන නිසා අපට එය ඉවසිය නොහැක. එනිසා මෙම දියත් කිරීම් හෙළා දකිමින් රජය විසින් උතුරු කොරියාවට විරෝධතාවක් ඉදිරිපත් කර තිබෙනවා " යනුවෙනි.

Comments