දුර්ලභ පක්ෂීන්ගේ පැවැත්මට තර්ජනයක් වූ Osaka Expo හි ගොඩනැගීම


OsakaExpo ගොඩනැගීම දුර්ලභ පක්ෂීන් ගණනාවකට තර්ජනයක් වේ යැයි අනුමාන කෙරේ

.

2025 දී පැවැත්වීමට නියමිත Osaka Kansai Expo වෙනුවෙන් සිදුකෙරෙන Yumeshima දූපතේ සංවර්ධන කටයුතු නිසා ප්‍රදේශයේ තෙත් බිම්වල සහ බොරළු සහිත පසෙහි ජීවත් වන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වල් පක්ෂි විශේෂවල වාසස්ථාන රාශියක් මේ වනවිට තර්ජනයට ලක්ව ඇති බව වාර්තා වේ. 

 

එනිසා පරිසරය සංරක්ෂණය කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති වෙනත් කණ්ඩායම් සමඟ එක්ව නගරයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ජපානයේ Wild Bird Society හි Osaka ශාඛාවේ ප්‍රධානියා වන Mikio Matsuoka කියා සිටියේ “ Expo සංගමය විසින් ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර සිටම Osaka වරාය සහ එහි කාර්යාංශය මගින් සිදු කරනු ලැබූ පාංශු ඉංජිනේරු කටයුතු වලදී වන පක්ෂීන්ගේ සහ වෙනත් ආකාරයේ වනජීවීන්ගේ වාසස්ථාන රාශියක් අහිමි විය. එමනිසා නැවත එය සිදුවීම වළක්වමින් මෙම භූමිය සංරක්ෂණය කරන්න " යනුවෙනි. 

 

හෙක්ටයාර 390 ක භූමි ප්‍රමාණයකින් යුක්තව Osaka බොක්කෙහි මිනිසා විසින් සාදන ලද  Yumeshima දූපත 1977 දී ආරම්භ කරන ලද ඉඩම් ගොඩකිරීමේ කටයුතු හරහා නිර්මාණය විය.

 

කාලයාගේ ඇවෑමෙන් පන් කෙත්වල, තෙත් බිම්වල සහ බොරළු සහිත පස් මත වන පක්ෂීන් සහ දුර්ලභ ශාක පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇති අතර වර්තමානයේදී එහි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙස සැලකෙන Black-Winged Stilt සහ Little Tern යන පක්ෂීන් දෙවර්ගය ද  ඇතුළුව වල් පක්ෂීන් විශේෂ 100 ක් පමණ දැකිය හැකි වේ.

199 Views

Comments