සමාජ මාධ්‍යය භාවිතා කිරීම නිසා සිදුවූ තවත් එක් අපරාධයක්


සමාජ මාධ්‍ය බලපෑමෙන් තවත් මරණයක් සිදු වෙයි

.

ජපානයේ නයේ Tokyo නගරයේ Minato Ward හි පිහිටි හෝටල් කාමරයකදී සමාජ ජාල වෙබ් අඩවියක් මගින් මුණගැසුණු පුද්ගලයෙකු මංකොල්ලකෑම සහ සිරකර තැබීම යන චෝදනා සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් බව නාගරික පොලීසිය සඳහන් කළේය. 

 

Hokkaido ප්‍රාන්තයේ Asahikawa හි පදිංචිව සිටි 21 හැවිරිදි Tosho Dohi නමැති එක් සැකකරුවෙකු චෝදනාව පිළිගෙන ඇති නමුත්, පදිංචි ස්ථානය සහ රැකියාව නොදන්නා අනෙක් පුද්ගලයා වන 21 හැවිරිදි Ryuto Kobayashi පාපොච්චාරණයක් සිදු නොකොට නිශ්ශබ්දව සිටින බව වාර්තා වේ. 

 

ඔවුන් විසින් Tokyo හි වාසය කළ 22 හැවිරිදි වින්දිත පිරිමි පුද්ගලයාට ව්‍යාපාරික සාකච්ඡාවක් සඳහා හෝටලයට පැමිණෙන ලෙස දන්වා ඇති අතර පැය නවයක් පමණ ඔහුව වහල්භාවයේ තබා ගනිමින් යෙන් 12,000 ක මුදල්, යෙන් 70,000 ක් පමණ වටිනා ස්මාර්ට් ජංගම දුරකතනය සහ  යෙන් 900,000 මුදල් සහිත බැංකු කාඩ්පත සොරකම් කර තිබේ.

158 Views

Comments