කොවිඩ් මර්දන ගිලින පෙති අනුමැතියට...


ජපාන ඖෂධ නිෂ්පාදකයකු වන Shionogi & Co ආයතනය..

.

ජපාන ඖෂධ නිෂ්පාදකයකු වන Shionogi Co ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, කොවිඩ් මර්දනය සඳහා වන ගිලින පෙති භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමට එය ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලද බවයි.

පසුගිය මාස දෙකක කාලය පුරා ක්‍රියාත්මක කරන ලද සායනික පර්යේෂණ ගණනාවකින් පසු, මෙම ගිලින පෙති කොවිඩ් ප්‍රතිදේහ නිපදවීම සම්බන්ධයෙන් ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි. S-217622 ලෙස නම් කර ඇති මෙම පෙත්ත, ජපාන ඖෂධ සමාගමක් විසින් නිපදවන ලද ප්‍රථම කොවිඩ් ප්‍රතිදේහ පෙත්ත වේ. කොවිඩ් ආසාදනය වීමට ප්‍රථම සහ පසු යන දෙයාකාරයටම භාවිතා කිරීමට හැකිවීම මෙම පෙත්තේ විශේෂත්වයක් වන අතර ශරීරය තුළ කොවිඩ් ගුණනය වීම වළක්වාලීමට ඊට හැකි බව සනාථ වී තිබේ.

Comments