ටෝකියෝ , ඔසාකා ඇතුළු තදාසන්න නගර 16ක පනවන ලද අර්ධ හදිස්සි තත්වය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි ජපානයේ අවධානය යොමුව තිබේ.
දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දින දෙකක් පුරා 50,000 ක් ඉක්ම වීම නිසා මෙකී පියවර ගැනීමට රජය උත්සුක වූ බව පෙනේ. ආරෝග්‍ය ශාලාවල වෙන්කර ඇති ඇඳන් ප්‍රමාණය පවා වේගයෙන් අවසන් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සතිය තුළදී ඔසාකා, කන්සාඉ, කියෝටෝ සහ හියූගෝ යන නගර ගණනාවක් හදිසි තත්ත්ව නීතිරීති තවත් වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලදි.