ජපානයේ Tokyo අගනුවරින් ජුනි 8 වන බදාදා දින නව Corona වෛරස ආසාදිතයින් 1935 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින් 1935 න් 1025 දෙනෙකු COVID-19 එන්නත් මාත්‍රා දෙකක් ද, 13 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් ද ලබා ගෙන ඇති අතර 487 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති බව සදහන් වේ.
අද දින තහවුරු කරන ලද මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ අනුව නගරයේ මුළු COVID-19 මරණ සංඛ්‍යාව 4,526 ක් බවට පත්වී තිබේ.