මරණයට පෙර නිමා කිරීමට නොහැකි වූ Manga කතා මාලාව


කතා මාලාව නිම කිරීමට පෙර Manga කතුවරයා මියයයි

.

වෙනත් ජනප්‍රිය Manga කලාකරුවෙකුගේ සහ සංස්කරණ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ උත්සාහය හේතුවෙන් පසුගිය වසරේදී උග්‍ර aortic dissection හේතුවෙන් අභාවප්‍රාප්ත වූ Kentaro Miura නම් කතුවරයා විසින් ආරම්භ කරන ලද  "Berserk" නම් Manga කතා මාලාව නැවත වරක් ජූනි 24 දින සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ .

 

Tokyo හි ප්‍රකාශකයෙකු වන Hakusensha විසින් ජුනි 24 දින නිකුත් කිරීමට නියමිත "Young Animal" සඟරාවේ 13 වන කලාපයේ සිට Berserk හි අනුක්‍රමිකකරණය නැවත ආරම්භ කරන බවත් නව වෙළුම මුල් කතුවරයා අපේක්ෂා කළ පරිදිම හැකිතාක් විශ්වාසවන්තව නිර්මාණය කිරීමට උත්සාහ කරන බවත් ජුනි 7 නිවේදනය කළේය. 

 

Miura ඔහුගේ මරණයට පෙර, ඔහුගේ සිතේ තිබූ කථා වස්තුව පිළිබඳව ඔහුගේ සමීප මිතුරෙකු සහ Manga ශිල්පියෙකු වූ Kouji Mori සමඟ මෙන්ම වෙළුම භාරව සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සංස්කාරකවරුන් සමඟ බෙදාගෙන තිබීම, අදහස් ලියා ඇති සටහන් සහ චරිත සඳහා අඳින ලද මෝස්තර හමු වීම යන කරුණු හේතුවෙන් සංස්කරණ අංශය විසින් යළි කතාව ලිවීමට පියවර ගෙන තිබේ. 

 

"අපි ඔහුගේ රසිකයන් සමඟ මේවා බෙදා නොගෙන ඔහුගේ කතාව අවසන් කිරීමට මැලි වුණා. ඔහු අදහස් කළ ආකාරයටම අත්පිටපතක් නිර්මාණය කිරීම කළ නොහැකි බව අපි පිළිගන්නවා. ඔහුගේ වචනවලින් බැහැර නොවන පරිදි Manga ව ලිවීමට අපි පොරොන්දු වෙනවා"  යනුවෙන් සංස්කරණ අංශය පැහැදිලි කළේය.

110 Views

Comments