ජනප්‍රිය Manga සහ වෙළඳ කාඩ් ක්‍රීඩාවක් වන "Yu-Gi-Oh!" හි නිර්මාතෘවරයා වන 60 හැවිරිදි වියේ පසුවූ Kazuki Takahashi පසුගිය ජුලි 6 වන බදාදා දින මිය ගොස් ඇති බව ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් ජූලි 7 වන බ්‍රහස්පතින්දා දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. Okinawa ප්‍රාන්තයේ Nago නගරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී නිදහස් සමුද්‍ර ව්‍යාපාරික සේවකයෙකු විසින් ජූලි 6 වන දින උදෑසන 10.30 ට පමණ Takahashi ගේ මළ සිරුර සොයාගෙන ඇති අතර "වෙරළට මීටර් 300 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ මළ සිරුරක් වැනි යමක් පාවෙමින් තිබෙන බවට පවසමින් ඔහුගෙන් ලද ඇමතුමකට අනුව වෙරළාරක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරුන් එම ස්ථානයට දිව ගොස් Takahashi ගේ සිරුර වතුරෙන් ගොඩට ගෙන ඇත. ඔහු දිය යටදී හුස්ම ගැනීමට භාවිතා කරන දිගු නළයක් , කිමිදුම් වෙස් මුහුණක් සහ පැතලි පිහිනුම් වරල් දෙකක් පැළඳ සිට ඇති අතර ඔහු මුහුදෙන් ගොඩට ගන්නා විටත් මියගොස් සිට ඇති බව තහවුරු වී තිබේ .