සොරුන්ගේ ග්‍රහණයට නතුවූ බොක්සිං ශූරයාගේ නිවස


ජපාන බොක්සිං ක්‍රීඩකයෙකු හොරුන්ගේ ග්‍රහණයට නතු වේ

.

පසුගිය බදාදා දින නරඹන්නන් බොහෝ දෙනා බලා සිටි තරඟයකදී Nonito Donaire ජයග්‍රහණය රැගෙන යාමේ අපේක්ෂාවෙන් කාර්යබහුල ලෙස තරඟ වදිමින් සිටි ජපාන බොක්සිං ශූර Naoya Inoue ගේ නිවස තරගාවලිය අතරතුරදී  සොරුන්ගේ ආක්‍රමණයකට ලක්ව ඇති අතර ඒ බව දැනගත් මොහොතේදී ඔහු විසින් ත්‍රාසජනක ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වේ. 

 

අඟහරුවාදා දින සන්ධ්‍යාවේදී Kanagawa ප්‍රාන්තයේ පිහිටි 29 හැවිරිදි Bsntamweight ශූරයාගේ නිවසින් මිල අධික බෑග් සහ ස්වර්ණාභරණ දුසිමකට වඩා සොරකම් කර ඇති බව නම් නොකළ පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් TBS සහ Fuji TV සොරකම පිලිබදව සදහන් කළේය. 

 

සොරුන් විසින් ඔහු තරගාවලියට සහභාගි වීම ප්‍රයෝජනයට ගනිමින් නිවසට ඇතුළු වූ නමුත් ඒ පිළිබඳව වාර්තා වී තිබියදීත් ඔහු විසින් 39 හැවිරිදි ප්‍රවීණ Donaire පරාජය කරමින් ඔහුගේ WBA සහ IBF පටි එකතුවට WBC Bantamweight ලෝක ශූරතාව එක් කර ගැනීමට සමත් වී තිබේ. 

 

"මෙවන් උත්සව දිනයක මොනතරම් පිළිකුල් සහගත කතාවක්ද... හැමෝම පරිස්සමෙන්!!" යනුවෙන් අපරාජිත ජපාන බොක්සිං ක්‍රීඩකයා මෙම සිදුවීම පිළිබඳව පැහැදිලිව සඳහන් කරමින් කෝපයෙන් යුතුව ට්විටර් හි නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් වේ .

150 Views

Comments