යුක්රේනය තුළ පවුලක් ඇති දැඩි කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සැලකෙන සුන්දර, ස්වභාවධර්මයෙන් ආශීර්වාද ලත් සාමකාමී නගරයක් වූ Bucha හි යුද්ධයත් සමග සිදුවූ කුරිරු මරණ සහ විනාශය පිළිබඳව නගරයේ ජීවත් වූ 33 හැවිරිදි Olena Samoylenko නම් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන කාන්තාව මෙලෙස සිය අදහස් පළ කළාය.
"එය විනාශකාරීයි. මෙම කුඩා නගරය මෙවැනි ගැටුමකට සම්බන්ධ වේ යැයි අපි කිසිවිටකත් බලාපොරොත්තු නොවීමු. අපේ මුළු සමාජ ජීවිතයම Bucha සමඟ බද්ධ වී ඇත. පයින් ගස් වනාන්තරයකින් වට වූ සාමකාමී හා සුන්දර ස්ථානයක් වන එය බොහෝ පාසල්, උද්‍යාන සහ ක්‍රීඩා පිටිවලින් නගරයේ පදිංචිව සිටි පවුල්වලට සහ ළමයින්ට ඉතා සමිප විය" යනුවෙන් පැවැසුවාය.
ඇගේ 9 හැවිරිදි දියණිය Ivanna නගරයේ අශ්වයන් පැදීම ඉගෙන ගත් අයුරු මෙන්ම මව්වරුන් සමීප ප්‍රජාවක් පිහිටුවා ගත් අයුරුත් මතක් කළ ඇය පැවැසුවේ තම දියණිය සමඟ සෙල්ලම් කළ තැන් වැනි හුරුපුරුදු ස්ථානවල සිදුවන විනාශය දැකීම "හදවත කම්පා කරවන සුළු " බවයි. වයස අවුරුදු 18 ත් 60 ත් අතර පිරිමි අයට රටින් පිටවීමට තහනම් වූ බැවින් තවමත් රටතුළ රැදී සිටින සිය සැමියා සිහිපත් කරමින් ඇය සිය අදහස් දැක්වීම නිම කළාය.