ඇමරිකාව විදේශීය සිසුන්ට අවස්ථා විවෘත කරයි


ඇමෙරිකාව තුල ආර්ථිකය තව තවත් තරගකාරී කිරීම අරමුණු කරගනිමින් ජෝ බයිඩන් පාලනය විද්‍යාව ,තාක්ෂණය ,ගණිතය සහ

.

ඇමෙරිකාව තුල ආර්ථිකය තව තවත් තරගකාරී කිරීම අරමුණු කරගනිමින් ජෝ බයිඩන් පාලනය විද්‍යාව ,තාක්ෂණය ,ගණිතය සහ ඉංජිනේරු යන ක්ෂේත්‍ර  යටතේ විදේශීය සිසුන් එරටට ගෙන්වා දැමීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරයි.

 

අදාල  සිසුන් STEM  ලෙස ඒ ඒ විෂය පථයන්ට  අනුකූල වන අතර ඔවුන්ට මාස36ක  අධ්‍යාපනික පුහුණුවක් ලබාදීමට නියමිතයි. පසුව ඔවුන්ව  ඇමරිකාවේ ව්‍යාපාර හා සම්බන්ධ කරගැනීමට ද  කටයුතු කරමින් පවතී. තවදුරටත් මෙම වැඩසටහන යටතේ  නව විෂයයන් විසි දෙකක් හඳුන්වා දීමට නියමිත අතර ඇමරිකාවේ ඉගෙනුම ලබන විදේශීය සිසුන් පසුව  එම රට තුළම දේශීය සේවකයන් සමඟ වසර තුනක පුහුණුවක් ලබාදීමට නියමිතය .

 

මෙම කර්තව්‍ය තුලින් පැහැදිලි වන්නේ ඇමරිකාව කාන්දමක් ලෙස ලොව පුරා විසිරී පැතිරී සිටින බහුතරයක් දක්ෂයන් ඇමරිකාවට ඇදගනිමින්  එහි ආර්ථිකය වඩාත් ස්ථායි කර ගැනීමට කටයුතු කරන බවයි .

Comments