මැයි 31 වන දින JR Chitose දුම්රිය ස්ථානයේ කාසි ලොකරයක් තුළ සිය අළුත උපන් බිළිදා දමාගිය Ayano Koseki නම් 22 හැවිරිදි රැකියා විරහිත, ස්ථිර ලිපිනයක් නොමැති කාන්තාවක බ්රහස්පතින්දා දින Sapporo හි විවේකාගාරයක රැදී සිටියදී Hokkaido හි Chitose පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිකුරාදා දින ඇයට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ.
Koseki විසින් දරුවා සහිත සිසිලන පෙට්ටිය ලොකරය තුළ තබන ආකාරය එහි වූ නිරීක්ෂණ කැමරා දර්ශනවල සටහන්ව තිබූ බවත් ඇය තමන් ගැබ්ගෙන ඇති බව දැන දැනම මේ වසර මුලදී Hokkaido වෙත පැමිණ ඇති බවත් පොලිසිය හෙළිදරව් කළේය.