බිළිඳුන් දෙදෙනෙකු අතහැර දමා ගිය දෙමාපිය යුවළක් අත්අඩංගුවට ගැනේ


තම බිළිඳුන් අතහැර දමා ගිය දෙමාපියන් අත් අඩංගුවට ගනී

.

උතුරු ජපානයේ Hokkaido ප්‍රාන්තයේ Kushiro හි පිහිටා තිබූ ඔවුන්ගේ නිවස තුළ පැය 13 කට ආසන්න කාලයක් තම දරුවන් දෙදෙනා තනිකර දමා යාම මෙන්ම එහි සිටි කුඩාම දරුවා මියයාම සම්බන්ධයෙන් 35 හැවිරිදි Mitsuhiro Abe නම් පුද්ගලයෙකු සහ ඔහුගේ නව යොවුන් වියේ බිරිඳ සෙනසුරාදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

මෙම යුවළ විසින් පසුගිය බදාදා දින Pachinko ශාලාවකට යන අතරතුරදී උදෑසන 8.30 සිට රාත්‍රී 10 දක්වා සිය 2 හැවිරිදි පිරිමි දරුවා සහ මාස 4 ක් වයසැති කුඩා බිලිඳා තනිකර ගොස් ඇති අතර ඔවුන්ගේ මව බාලවයස්කාර දැරියක් බැවින් ඇයගේ නම සහ වයස පොලීසිය විසින් ප්‍රකාශ කර නොමැත. 

 

කුඩා බිළිදා සොයා ගන්නා විටත් සිහිසුන්ව සිටි බැවින් රෝහල් ගත කළ නමුත් පසුව ඔහු මියගොස් තිබේ. දරුවන් දෙදෙනාටම පැහැදිලි තුවාල නොතිබූ අතර ළදරුවාගේ මරණයට හේතුව සහ එක් දරුවෙකු හෝ නිරන්තරයෙන් අපයෝජනයට ලක්ව තිබේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

118 Views

Comments