විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලය


ජපාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංගය පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරයි

.

පසුගිය බ්‍රහස්පතින්දා දින අගමැති Fumio Kishida ගේ කැබිනට් මණ්ඩලයට සහ අපකීර්තියට පත් සභා කථානායක Hiroyuki Hosoda ට එරෙහිව ප්‍රධාන විරුද්ධ පක්ෂය මගින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ජපානයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ප්‍රධාන පාර්ලිමේන්තු සැසිවාරයකදී ප්‍රතික්ෂේප කර තිබේ. 

 

මෙහිදී රට තුළ ඉහළ යමින් පවතින භාණ්ඩ හා සේවා මිල ගණන් වලට ප්‍රතිචාර වශයෙන් කැබිනට් මණ්ඩලය "කිසිවක් නොකරන" බවට ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (CDPJ) විසින් චෝදනා කර ඇති අතර ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ පාලක කණ්ඩායම සහ එහි හවුල්කරු වූ Komeito විසින් පාලනය කරනු ලබන බලවත් ව්‍යවස්ථාදායක ශාඛාව වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නායකත්වය දීමට Hosoda නුසුදුසු යැයි නම් කර තිබේ .  

 

"ඉහළ යන මිල ගණන් වලට එරෙහිව සටන් කිරීමට සහ ජනතාවගේ ජීවිත සහ ජපාන ආර්ථිකය ගොඩනැගීම සඳහා, Kishida ගේ කැබිනට් මණ්ඩලය දිගටම කරගෙන යාමට අපට ඉඩ දිය නොහැක" යනුවෙන් CDPJ ප්‍රධානී Kenta Izumi පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් පැවසීය.

94 Views

Comments