බළල් මිතුරන් සතුටින් තබා ගන්නේ කෙසේදැයි උගන්වන ආදර්ශමත් මහල් නිවාස


බළල් සුරතලුන් සතුටින් තබා තබාගන්න අකාරය පිළිබඳව සුභසාධක සංගමයක් උපදෙස් ලබා දෙයි

.

Hyogo ප්‍රාන්තයේ සත්ව සුභසාධන මධ්‍යස්ථානය විසින් බළලුන්ට ආදරය කරන අයිතිකරුවන්ට තම ලොම් පැටවුන් ගෘහස්ථ සුරතල් සතුන් ලෙස ආරක්ෂිතව සහ තෘප්තිමත්ව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉගැන්වීම සඳහා ප්‍රාන්තයේ නගර හතරක විශේෂ මහල් නිවාස පිහිටුවා ඇති බව වාර්තා වේ .

 

Yabu, Tatsuno, Awaji සහ Miki යන නගර හතරේ පිහිටා ඇති මෙවැනි ආදර්ශමත් ස්ථාන සියල්ලම බළලුන්ට හිතකර මහල් නිවාස මෙන් පෙනෙන පරිදි ඉදිකර ඇති අතර,බළල් මිතුරන් රැක බලා ගැනීමට මිනිසුන් දිරිමත් කිරීම සඳහා Hyogo ප්‍රාන්තය පදනම් කරගත් Amagasaki සුභසාධන මධ්‍යස්ථානය විසින් විවෘත කර තිබේ . 

 

වර්තමාන සහ අනාගත බළල් හිමියන්ගේ මෙන්ම සතුන් රැකබලා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙහි සංචාරය කළ හැකිය. සුරතලුන් වෙනුවෙන් වෙන් කරන ලද එක් කාමරයක් වර්ග මීටර් 35 ක පමණ විශාලත්වයකින් යුක්ත වන අතර එහි රූපවාහිනියක්, යහනක්, මේසයක් මෙන්ම බළලුන්ගේ පදිංචිකරුවන්ට ආතතියකින් තොරව වාසය කිරීම සඳහා අවශ්‍ය වන සියලුම ගෘහ භාණ්ඩ දැකිය හැකි වේ.

124 Views

Comments