COVID සහනාධාර වංචාවේ සැකකරුවන්


covid සහනාධාර වංචාව පිටුපස ළාබාල තරුණ තරුණියන් ද සිටින බව තහවුරු වෙයි

.

2020 ජූලි සිට 2022 මැයි මාසය අවසන් වනවිට Corona වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා වූ රජයේ සහනාධාර මුදල් වංචාකොට පොලිස් අත්අඩංගුවට පත්වී සිටින හෝ පැමිණිලිකරුවන්ට වාර්තා කර ඇති සමස්ත සැකකරුවන් 3770 දෙනාගෙන් 60% කට වැඩි ප්‍රමාණයක් දෙනා වයස අවුරුදු 30 ට වඩා අඩු පුරවැසියන් බව ජාතික පොලිස් ඒජන්සිය (NPA) සිය දත්ත වාර්තා භාවිත කරමින් පසුගියදා පෙන්වා දී තිබේ .

 

අත්අඩංගුවට ගත් හෝ  නඩු පවරන ලද අයගෙන් 62% එනම් සැකකරුවන් 2300 දෙනෙකු අවුරුදු 20 ගණන්වල පසුවන අය වන අතර 14% එනම් සැකකරුවන් 500 දෙනෙකු අවුරුදු 30 ගණන්වල පසුවන්නන් වේ.  ඔවුන්ගෙන් 6% එනම් 200 දෙනෙකු පමණ වයස අවුරුදු 10ත් 19ත් අතර වයස්වල පසුවන්නන් ලෙස හඳුනාගෙන ඇත. 

 

සැකකරුවන් අතර ඔවුන්ගේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ උසස් පාසල්වල මිතුරන් පවා වංචාවට හවුල් කරගත් සිසුන් සිටින බවත්, සහනාධාරය ලබාගැනීම වෙනුවෙන් අයදුම් කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට උපදෙස් ලබා දීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කර ඇති බවත් හෙළිවී ඇති බව ඒජන්සිය පැවැසීය .

107 Views

Comments