59 හැවිරිදි මවගේ මරණයට ඇයගේ පුත්‍රයා සැක කරයි.


පුතුගේ අතින් මම මරණයට පත්වූ පුවතක් වාර්තා වේ

.

59 හැවිරිදි කාන්තාවක් සිකුරාදා ඇගේ නිවස තුළ පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව ෂිසුඕකා නගරයේ පොලීසිය පවසා ඇත. මායා ඉෂිකාවා නම් මෙම කාන්තාවට පිහියෙන් ඇන ඇත්තේ කනගාවා ප්‍රාන්තයේ පදිංචි 25 හැවිරිදි ඇගේ පුත්‍රයා විසින් බව පොලිසිය සැක පළ කර ඇත.

 

පොලිසියට අනුව ඉෂිකාවාගේ පුත්‍රයාගේද තමන් විසින්ම පිහියෙන් ඇනගත් යැයි විශ්වාස කරන තුවාලයක් සොයාගෙන ඇති අතර මේ වන විට ඔහු රෝහල්ගත ව සිටියි. පොලිසිය පැවසුවේ ඉෂිකාවාගේ සැමියා රාත්‍රී 10.30 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේදී ඇගේ සිරුර සොයාගෙන ඇති බවයි. 

 

සැමියාගේ අතේ පිහි තුවාලයක් ද තිබූ අතර එය තම පුතා බඩට පිහියෙන් ඇන ගැනීමට යාමේදී එය වැලැක්වීමට ගිය අවස්ථාවේ සිදුවූ බව ඔහු පොලීසියට පවසා ඇත. මව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර සැකකරුගේ තත්ත්වය බරපතළ බැවින් ප්‍රශ්න කීරීම සඳහා ඔහු සුව වනතුරු පොලීසිය බලා සිටියි.

115 Views

Comments