අපරාධකරුවන් ලෙස හඳුනාගත් ජපන් ජාතික සහෝදරයන් තිදෙනෙකු  අත්අඩංගුවට ගැනේ


ජපාන ජාතික සහෝදරයන් තිදෙනෙක් අත්අඩංගුවට පත්වේ

.

අපේ‍්‍රල් 17 වැනිදා උදෑසන Ehime ප‍්‍රාන්තයේ Yawatahama නගරයේ සාප්පු සවාරි යමින් සිටි 77 හැවිරිදි කාන්තාවකගේ සාප්පු බෑගයේ දමා තිබූ යෙන් 16,000 ක මුදල් සහිත පසුම්බිය සොරකම් කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස එක්‌ව ක්‍රියා කළ බවට සැකපිට 87 හැවිරිදි Teruo Nomoto, 83 හැවිරිදි Toshiharu Nomoto සහ 89 හැවිරිදි Takehiro Watanabe නම් සහෝදරයන් තිදෙනෙකු පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ. 

 

Nomoto සහෝදරයන් Matsuyama ප්‍රාන්ත අගනුවර ජීවත් වන අතර එහි සිට Yawatahama නගරයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටා ඇති Ehime හි තවත් නගරයක් වන Niihama හිදී මැයි 4 වන දින වෙනත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම සහෝදරයන් තිදෙනාගෙන් එක් අයෙකු හසුවී ඇති අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශන අනුව අනෙක් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා සමත් වී ඇත . 

 

සාමාන්‍යයෙන් පික්පොකට් ගැසීම වැනි වීදි අපරාධ ජපානයේ සාපේක්ෂව දුර්ලභ වන සිද්ධීන් වන අතර එය සිදු වූ විටදී පවා අපරාධකරුවන්ගේ වයස සාමාන්‍යයෙන් බෙහෙවින් අඩු බැවින් මෙලෙස වයසින් වැඩි සොරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම  විචාරකයින්ගේ ඉමහත් පුදුමයට හේතු වී ඇති බව වාර්තා වේ .

95 Views

Comments