මුළුමණින්ම ඉවත් කළ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තහනම් නියෝගය


Fukushima නගරයට ඇතුළු වීමට පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කර ගනී

.

2011 වසරේ මාර්තු මාසයේදී ඇතිවූ Fukushima න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනයෙන් වසර 11 කට පසු ප්‍රථම වතාවට නිවැසියන්ට ස්ථිරවම ආපසු තම නිවෙස් වෙත යාමට අවස්ථාව සලසා දෙමින් , ඉහළ විකිරණ මට්ටම් හේතුවෙන් නගරයට ඇතුළුවිය නොහැකිවන පරිදි මීට පෙර පනවා තිබූ තහනම් නියෝගය බ්‍රහස්පතින්දා දින ඉවත් කර තිබේ. 

 

පළමු අවස්ථාව ලෙස එදින පෙරවරු 9 ට ඊසානදිග ජපානයේ Tokyo Electric Power Compamy Holdings සමාගමේ Fukushima Daiichi බලාගාරයට සත්කාරකත්වය සැපයූ මහ නගර සභාවේ   Okuma ප්‍රදේශයේ "නැවත  පැමිණීමට අපහසු" ලෙසින් පනවා තිබූ කලාපීය සීමාවන්  ඉවත් කර තිබුණි .

 

JR Ono දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය ඇතුළුව වර්ග කිලෝමීටර් 8.6 ක වට ප්‍රමාණයකින් යුක්ත වූ ජනාවාසයක් මෙලෙසින් විවෘත වූ අතර න්‍යෂ්ටික බලාගාරයට සත්කාරකත්වය සැපයූ තවත් නගරයක් වන Futaba වෙත පනවා තිබූ තහනම් නියෝගය ජූලි හෝ ඉන් පසු දිනෙක ඉවත් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ .

Comments