දැරියකට අතවර කල පුද්ගලයෙක් අත්අඩංගුවට


පාසල නිම වී නිවස බලා යමින් සිටියදී ඇයට ලිංගික අතවර කළ බවට සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Kanagawa ප්‍රාන්තයේ Yamato ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් පාසල නිම වී නිවස බලා යමින් සිටියදී ඇයට ලිංගික අතවර කළ බවට සැකපිට 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල දැරිය පාසල නිම වී නිවසට පැමිණෙන විට Muneyoshi Kato නම් මෙම සැකකරු දැරිය පිටුපසින් පැමිණ දැරියගේ උඩුකය අල්ලා අතවර කිරීමට උත්සහ දරා තිබෙනවා.

පසුව පොලිසිය විසින් සීසීටීවී කැමරා දර්ශනවලින් මොහුව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

132 Views

Comments