රුසියාවේ යුක්රේන ආක්රමණයත් සමඟ ජපානයට පලා ගිය යුක්රේනියානුවන් අතරින්, ටෝකියෝවේ අගනගර රජය විසින් පවත්වාගෙන යනු ලබන උසස් පාසලකට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ පළමු ශිෂ්‍යාව වීමට 16 හැවිරිදි Melana Azima හට අවස්ථාව හිමිවී තිබේ.
ජෛව භෞතික විද්‍යාඥවරියක් වීමට වෙහෙස මහන්සි වී ඉගෙනුම ලබන Azima මැයි මස අගදී Meguro Ward හි Kokusai උසස් පාසලට ඇතුළත් වූ අතර ඇයගේ අධ්‍යාපනික හැකියාව සහ අනෙකුත් සාධක සැලකිල්ලට ගනිමින් පාසලේ දෙවන වසරේ සිසුවියක් ලෙස ඇයව පාසලට ඇතුළත් කර ගැනීමට මහානගර රජය තීරණය කර තිබේ.
"මගේ අධ්‍යයන කටයුතු සතියකට පැය හයක් පමණ ජපන් භාෂාවෙන් කරගෙන යෑමට අපේක්ෂා කරනවා. ඒ වගේම පාසලේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් ගුරුවරුන් සහ සිසුන් මට ලොකු සහයෝගයක් දුන්නා. මම පාසලේ සෑම දෙයකටම ගොඩක් කැමතියි. ජපානයෙන් මට වගේම මගේ රටේ වැසියන්ට හිමිවන සහයෝගයට මම කෘතඥතාව පළ කරනවා" යනුවෙන් ඇය මෙහිදී අදහස් දක්වමින් සිනහවකින් යුක්තව කියා සිටියාය.