දේවාල භූමියේ පෞරාණික ගසකට හානිකළ ජපන් ජාතිකයා අත්අඩංගුවට


පුදබිමට හානිකල ජපන් ජාතිකයා අත්අඩංගුවට ගැනේ

.

Tokyo අගනුවරට නුදුරින් පිහිටා තිබෙන Shinto සිද්ධස්ථානයේ පූජනීය හා පෞරාණික ගසකට රුසියානු ජනාධිපති Vladimir Putin ගේ මුහුණ සහිත පිදුරු බෝනික්කෙකු තබා ඇණ ගැසූ බවට සැකපිට 72 හැවිරිදි Mitsunobu Hino නමැති පුද්ගලයෙකු බදාදා දින අත්අඩංගුවට ගත් බව Chiba ප්‍රාන්තයේ Matsudo පොලිසිය ප්‍රකාශ කළේය. 

 

මෙම බෝනික්කාගේ මුහුණේ පුටින්ගේ මුහුණට සමාන පින්තූරයක් ඇති අතර රුසියානු නායකයාට මරණය ප්‍රාර්ථනා කරන සටහනක් ඔහුගේ පපුවේ තබා තිබිණි. මැයි 19 වෙනිදා පස්වරු 2.10 ට පමණ Matsudo හි Mikazuki සිද්ධස්ථානයේ භූමියට අනවසරයෙන් ඇතුළු වූ බවට සහ "Shinboku" පූජනීය ගසකට ඇණ ගසා සිදුරු කර දේපල හානි සිදු කිරීම සම්බන්ධයෙන් Hinoට චෝදනා එල්ල වී තිබේ. 

 

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා නැගෙනහිර ජපාන නගරයේ සිද්ධස්ථාන 10කට වැඩි ප්‍රමාණයකින් මෙවැනි Putin ගේ අනුරුව සහිත පිදුරු බෝනික්කන් සම්බන්ධ සිදුවීම් රාශියක් පොලීසියට වාර්තා වී ඇති බවත් ඒ සියලුම බෝනික්කන්ගේ ප්‍රමාණය සහ සටහන්වල ඇති අත්අකුරු නව බෝනික්කාට සමාන බැවින් සැබෑ අපරාධකරු මොහු වීමට ප්‍රබල ඉඩක් පවතින බවත් පොලිසිය පැවැසීය.

109 Views

Comments