ජපානයේ සහ ප්‍රංශයේ රාජ්‍ය නායකයින් අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ වේ


ජපානය හා ප්‍රංශය අතර සබඳතා වර්ධනය වේ

.

යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව පනවා තිබෙන ආර්ථික සම්බාධක අඛණ්‌ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව මෙන්ම ගෝලීය සැපයුම් හිඟය සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටින  ජාතීන්ට සහයෝගය දැක්වීම සඳහා එක්ව කටයුතු කිරීමට ජපානයේ සහ ප්‍රංශයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් අඟහරුවාදා පැවැති සාකච්ඡා අතරතුරදී ප්‍රතිඥා දී තිබේ. 

 

විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඔහුගේ ප්‍රංශ සහකාරිය වූ Catherine Colonna අතර දුරකථන මාර්ගය ඔස්සේ පලමු වරට පැවැති නිල සාකච්ඡාවේදී "පවතින තත්ත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීම වෙනුවෙන් සිදුකරන ඒකපාර්ශ්වික උත්සාහයන් ලොව කොතැනකවත් පිළිගත නොහැකි බවට" ඒකමතික තීරණයකට නායකයින් දෙදෙනාම එළඹ ඇති බව වාර්තා වේ . 

 

ද්විපාර්ශ්වික සහයෝගීතාව සෑම අංශයකින්ම ශක්තිමත් කිරීමට මෙන්ම චීනයේ යුධමය හැකියාව වර්ධනය වෙමින් පවතින ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව වේගවත් කිරීමට Hayashi සහ Colonna මෙහිදී එකඟ වූ බව ජපාන අමාත්‍යාංශය සඳහන් කළේය.

165 Views

Comments