ජපානය පසුගිය මැයි මාසයේදී දෙවැනි විශාලතම වෙළඳ භාණ්ඩ හිඟය වාර්තා කරයි මුදල් අමාත්‍යාංශය විසින් ජුනි 16 වන බ්‍රහස්පතින්දා


පසුගිය මැයි මාසය වන විට ජපානයේ වෙළඳ භාණ්ඩ විශාල වශයෙන් හිඟ වේ

.

මුදල් අමාත්‍යාංශය විසින් ජුනි 16 වන බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාව අනුව, ජපානය මැයි මාසයේදී  සිය දෙවන විශාලතම මාසික වෙළඳ භාණ්ඩ  හිඟය යෙන් ට්‍රිලියන 2.38  ක් ලෙස වාර්තා කර තිබූ අතර ඉහළ යන භාණ්ඩ මිල ගණන් හේතුවෙන් අඛණ්ඩව 10 වන මාසය සඳහාත් එය රතු පැහැයෙන් දක්වා තිබිණි . 

 

මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ හිඟය පෙර මාසයේ හිගය වූ බිලියන 839.2 සිට ට්‍රිලියන 2.38 දක්වා පුළුල් වූ අතර ඒ අනුව 2014 ජනවාරි මාසයේදී වාර්තා වූ යෙන් ට්‍රිලියන 2.80 ක හිඟයට පසුව රට තුළ වාර්තා වූ දෙවන විශාලතම හිඟය බවට පත් විය. 

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඛනිජ තෙල්, ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු, ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ ද්‍රව ස්වභාවික වායු වැනි බලශක්ති සම්පත්වල  මිල අඛණ්‌ඩව ඉහළ යාම නිසා ආනයනය මෙලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශ නිලධාරියෙකු නව තත්වය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් පැවසීය

109 Views

Comments