ජපාන මුහුදු තීරයේ Ishikawa ප්‍රාන්තයට ඉරිදා රිච්ටර් මාපකයේ 5.2 ක මූලික භූමිකම්පාවක් ඇති වූ නමුත් සුනාමි අවදානමක් වාර්තා නොවූ බව කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
පස්වරු 3.08 ට මෙම භූ කම්පනය සිදුව ඇති අතර Noto අර්ධද්වීපයේ කෙළවරේ පිහිටි Suzu නගරයේ 7 වන ජපන් භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 6ක් වාර්තා කරමින් කිලෝමීටර් 10ක් පමණ ගැඹුරට කම්පනය සිදුවූ බවත් තුවාල කිසිවක් වාර්තා වී නොමැති බවත් ප්‍රාදේශීය පොලිසිය සදහන් කළේය.
රජය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවා ඇති අතර භූකම්පනය හේතුවෙන් ප්‍රාන්තයේ පිහිටි Shika න්‍යෂ්ටික බලාගාරයේ කිසිදු අසාමාන්‍යතාවයක් මේ වනතෙක් කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී නොමැති බව පැවැසේ.