ශාක මත පදනම් වූ කාබන්-උදාසීන ඉන්ධන නිෂ්පාදනයට සලකා බලන ජපානය


ජපානය කාබන් උදාසීන ඉන්ධන නිපදවීමේ උත්සාහයක් දරයි

.

කාබනීකරණය නොවූ සමාජයකට මාරුවීමට උපකාරී වන එක් තාක්‍ෂණයක් ලෙස එළවලු අපද්‍රව්‍ය වලින් සාදනු ලබන ඝන ඉන්ධනයක් වන Biocoke, කෙරෙහි මේ වනවිට ජපානයේ අවධානය යොමුවී තිබේ . මෙය 2005 දී Osaka ප්‍රාන්තයේ Higashiosaka හි Kindai විශ්ව විද්‍යාලය විසින් වැඩි දියුණු කරන ලද "සිහින ඝන ඉන්ධනයක්" වන අතර දහනයේදී ප්‍රායෝගිකව කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය වීමක් සිදු නොවේ. 

 

ජපානයේ ආපනශාලා අංශය සහ සාම්ප්‍රදායික කර්මාන්ත අංශය තුළ විකල්ප ඉන්ධනයක් ලෙස Biocoke භාවිතා කිරීම පිළිබඳව සලකා බලමින් සිටින අතර අඛණ්ඩ පර්යේෂණ මගින් පිරිවැය අඩු කර එය මහා පරිමාණ නිෂ්පාදනයක් දක්වා ගෙන ඒමට කටයුතු කිරීමට සැලසුම් කෙරේ.

 

අප්‍රේල් මාසයේදී, Iwate ප්‍රාන්තයේ Oshu හි සම්ප්‍රදායික Nambu යකඩ භාණ්ඩ ව්‍යාපාරයක් වන Oitomi විසින් වාත්තු යකඩ උණු කිරීම සඳහා ඇපල් ලීස් සහ ගස් පොතු වලින් සාදන ලද Biocoke ඉන්ධන සුපුරුදු ගල් අඟුරු කෝක් වෙනුවට ආදේශ කිරීමට උත්සාහ කළ අතර Oitomi හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ Akira Kikuchi මෙහිදී අදහස් දක්‌වමින් කියා සිටියේ "එහි ගල් අඟුරු, කෝක් වලට වඩා ගිනි පුපුරක් තිබුණා. නමුත් ගුණාත්මක භාවයේ වෙනසක් නැත" යනුවෙනි. 

 

ජපානය රුසියානු ගල් අඟුරු ආනයනය ක්‍රමක්‍රමයෙන් නැවැත්වීමට පියවර ගෙන ඇති මොහොතක අගමැති Fumio Kishida ප්‍රකාශ කර සිටියේ පිරිවැය ශේෂය පිළිබඳව විමසිල්ලෙන් සිටින අතරම Oitomi හි පර්යේෂණ දිගටම කරගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

144 Views

Comments