Chiba ප්‍රාන්තයේ පිහිටි සිය නාගරික මහල් නිවාසයේ රැදී සිටි Tamiko Isobe නම් 68 හැවිරිදි කාන්තාවක ගෙල සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රාන්තයේම Katori හි ජීවත් වූ 65 හැවිරිදි Masafumi Sakamoto නම් පුද්ගලයෙකු Choshi හි පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.
ජුනි 8 වැනිදා මධ්‍යම රාත්රියේදී විදුලි උපකරණ රැහැනක් යොදාගෙන ඇගේ ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් Sakamoto හට චෝදනා එල්ල වී ඇති අතර මහල් නිවාස ගොඩනැගිල්ලෙන් පිටත සවි කර තිබූ නිරීක්ෂණ කැමරා දර්ශන පරිශිලනය කිරීමෙන් පසුව ඔහු සැකකරුවෙකු ලෙස හඳුනාගැනීමට හැකි වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.
ජුනි 9 දින ඇගේ ඥාති සොහොයුරිය පොලිසිය අමතා ඇය දවස පුරා දුරකථනයට පිළිතුරු නොදුන් බව පැවසීමෙන් අනතුරුව නිවස පරික්ෂා කිරීමට පැමිණි නිලධාරීන්ට එදින සවස 6 ට පමණ Isobe ගේ මළ සිරුරු හමූවී ඇතැයි පැවැසේ .