මුව ආවරණ රහිත මගියා බසයෙන් පිටතට දැමීම හේතුවෙන් රියදුරුට එරෙහිව විනය පරීක්ෂණ.


බස්රථ මගේ ආවා එළියට දැමූ කොන්දොස්තර වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වේ

.

Chubu දිස්ත්‍රික් ප්‍රවාහන කාර්යාංශය විසින් Shizuoka ප්‍රාන්තයේ Mishima නගරයේ පොදු බස් රථ ක්‍රියාකරුවෙකු වන Izu Hakoneට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ මුව ආවරණ නොපැළදීම හේතුවෙන් මගියෙක් බසයෙන් ඉවතට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය.

 

Izu Hakoneට අයත් එකම බස් රථ දෙක සැප්තැම්බර් 1 සිට සැප්තැම්බර් 25 දක්වා ධාවනය කිරීම තහනම් කර ඇති බව වාර්තා කර ඇත. මුව ආවරණ රහිත මගීයෙක්ට බස් රථයක ගමන් කිරීම තහනම් කිරීම පිළිබඳ බස් ක්‍රියාකරුවෙකුට එරෙහිව විනය පියවර ගත් ජපානයේ පළමු අවස්ථාව මෙය වේ.

 

මෙම සිදුවීම සිදුවී ඇත්තේ අප්‍රේල් 7 වැනිදාය. කාන්තාවක් මෙම බසයට ගොඩ වැදුණු අතර 66 හැවිරිදි රියැදුරා සියලුම මගීන්ට මුහුණු ආවරණ පැළඳිය යුතු බවට සාමාන්‍ය නිවේදනයක් කර ඇති අතර එම කාන්තාව ඉල්ලීමට එකඟ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට බසයෙන් ඉවතට දමා ඇත. එම අවස්ථාවේ බසය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිටි බවට වාර්තා වී ඇත.

155 Views

Comments