මුහුදු ප්‍රදේශයේ ගෑස් විදුම් මධ්‍යස්ථානයක් ආරම්භ කළ චීනය


චීනය මුහුදු ප්‍රදේශයේ ගෑස් විහිදුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරයි

.

නැගෙනහිර චීන මුහුදේ තරඟකාරී ප්‍රදේශය තුළ  සිදු කරනු ලබන ඒකපාර්ශ්වික සම්පත් සංවර්ධන වැඩසටහන නතර කරන ලෙස Tokyo විසින් චීනයේ Beijing වෙත නැවත නැවතත් සිදු කළ ඉල්ලීම් නොතකා ඔවුන්ගේ සිමාව තුළ ගෑස් ක්ෂේත්‍ර සඳහා නව කැණීම් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව තහවුරු කරමින් ජපාන විදේශ අමාත්‍යාංශය සඳුදා දින නිවේදනයක් නිකුත් කර තිබේ. 

 

රටවල සුවිශේෂී ආර්ථික කලාප වෙන් කරන මුහුද තුළ Tokyo විසින් යෝජිත මධ්‍ය රේඛාවේ චීනයට අයත් කොටස තුළ එය පිහිටා ඇති බවත් මේ වනවිටත් Tokyo නගරයේ පිහිටා ඇති චීන තානාපති කාර්යාලයට නව ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යාංශය මෙහිදී සඳහන් කළේය. 

 

දෙරට අතර 2008 දී මෙම ප්‍රදේශය තුළ ඒකාබද්ධ ගෑස් සංවර්ධනය සඳහා නව ව්‍යාපෘතියක් දියත් කිරීමට එකඟ වූ නමුත් 2010 දී චීන ට්‍රෝලර් යාත්‍රාවක් ජපාන වෙරළාරක්ෂක යාත්‍රාවක ගැටීමෙන් පසු රටවල් දෙක අතර ආතතීන් වැඩි වූ බැවින් සාකච්ඡා පැවැත්වීම අත්හිටුවන ලදී.

168 Views

Comments