ශීත කාලය අවසන් ව නැවුම් හරිතකරණය සඳහා වන සමය මේ වනවිට ජපානය වෙත ළඟා වී ඇති බැවින් උතුරු ප්රදේශයේ Hokkaido ප්රාන්තයේ අගනුවර පිහිටා තිබෙන Maruyama කන්දේ වනාන්තරය තුළ ශීත සෘතුවේ කබා ඉවත් කරමින් ඔබ මොබ දුව පනින වල් Hokkaido ලේනුන් රාශියක් දැකිය හැකි වේ.
වලිගය නොමැතිව සෙන්ටිමීටර 20 ක් පමණ දිගින් යුක්ත වන මෙම ලේනුන් Hokkaido ප්රාන්තයේදී පමණක් දැකිය හැකි වන අතර ශීත ඍතුවේ දී සීතලෙන් ආරක්ෂා වීම සදහා ඔවුන්ගේ සිරුරේ ලාක්ෂණික සුදුමැලි කබා වර්ධනය වීම සිදුවේ. ශීත ඍතුවේ දී වනාන්තරය තුළ දැකිය නොහැකි වන මෙම සත්වයන් සරත් සෘතුවේ දී පොළොව යට වළලන ලද ආහාර අනුභව කරනු ලබයි.
නැවුම් කොළ පැහැති පත්ර වලින් සශ්රීක වූ Sapporo නගරයේ Chuo Ward හි පිහිටි වනාන්තරය තුළදී වසරේ මේ කාලය වනවිට , තම මුඛයේ ආහාර පුරවාගෙන, ඉතිරිව ඇති ශීත ලොම් ස්වල්පයක් ගත දවටාගෙන වනාන්තරය පුරා සැරිසරන ලේනුන්ගේ දර්ශනය අතිශය චමත්කාරජනක වේ.