ජපානයේ සාමාන්‍ය ශීත ඍතු වලට වඩා මෙවර ඉතා දැඩි හිම පතනයක් සිදුවී ඇති හෙයින් එම හිම පිරිසුදු කිරීමට යාමේදී ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුවූ අනතුරුවලින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 45ක් පමණ බව ජපානය හදිසි ආපදා ඒජන්සිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
ප්‍රාන්ත දහයක පමණ බොහොමයක් මරණ සිදුවී ඇත්තේ ඔවුන්ගේම නිවාස වල වහලවල් වල හිම ඉවත් කිරීමට යාමේදී ඒවාටම යට වීමෙන් බව ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය විසින් දන්වා ඇත.කෙසේ නමුත් එම මරණ වලින් සියට 90 ක් පමණ වයස අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන් බව සනාථ වී ඇත.