ජපානයේ ස්වභාෂාව භාවිතා කරන සමාගම් ආක්‍රමණය කළ ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂාව


ජපානයේ බොහෝ සමාගම් ඉංග්‍රීසි භාෂාව පරිහරණයට හුරු වෙයි

.

වසරක් තුළදී Sharp Corp. හි කාර්ය මණ්ඩලය විසින් දැනට භාවිතා කරන ජපන් භාෂාව වෙනුවට සමාගමේ නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව පත් කිරීමට පියවර ගනිමින් සිටින බව පසුගිය අප්‍රේල් මාසයේදී Tai Jeng-wu වෙනුවට ආදේශ කළ ජපාන ඉලෙක්ට්‍රොනික සමාගමේ වත්මන් ප්‍රධාන විධායක Wu Po-hsuan බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. 

 

එමෙන්ම Osaka ප්‍රාන්තයේ Sakai හි සමාගමේ මූලස්ථානයෙන් ආරම්භ කර මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම මගින් සිය විදේශීය ව්‍යාපාර පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු තව දුරටත් පැවැසීය. 

 

මෑත වසරවල සිට ජපන් සමාගම් අතලොස්සක් ඉංග්‍රීසි භාෂාව ඔවුන්ගේ රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට මාරු වී ඇති අතර ඊට සමගාමීව සමාගම විසින් ගනු ලබන පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා Sakai හි පැවති රැස්වීමේදී කොටස් හිමියන් දැනුවත් කරමින් Wu කියා සිටියේ " Sharp සන්නාමය ජපානය කේන්ද්‍ර කරගත් ගෝලීය සන්නාමයක් බවට පරිවර්තනය කිරීමට" තමන් පොරොන්දු වන බවයි .

117 Views

Comments