ජාතික වාර්තාවයක් පිහිටුවමින් ඉහළටම නැගී ජපානයේ උෂ්ණත්වය


ජපානයේ පරිසර උෂ්ණත්වය අධික ලෙස ඉහළට යයි

.

සෙනසුරාදා දින Tokyo නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල උෂ්ණත්වය ඉතා ඉහළ මට්ටමකට ළඟා වූ අතර ජුනි මාසයේදී රටේ වාර්තාගත ඉහළම උෂ්ණත්ව අගය දක්‌වමින් Isesaki නගරයෙන් සෙල්සියස් අංශක 40.1 ක උෂ්ණත්වයක් වාර්තා වූ බව කාලගුණ ඒජන්සිය අද දින නිවේදනය කළේය .

 

Tokyo නගරයේ සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි Gunma ප්‍රාන්තයේ Maebashi වල උෂ්ණත්වය අද දින රසදිය සෙල්සියස් අංශක 39.5 දක්වා ඉහළ ගොස් ඇති අතර මධ්‍යම ටෝකියෝවේ උෂ්ණත්වය අද දින උදෑසන වන විට රසදිය  සෙල්සියස් අංශක 35.4ට ළඟා වී තිබේ. 

 

වසරේ ප්‍රථම වතාවට රටේ “අධික තාප” සීමාව ලෙස දක්වා තිබෙන සෙල්සියස් අංශක 35 ඉක්මවා රටපුරා විවිධ ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් තාපය ආඝාතය වැනි රෝගවලට එරෙහිව පියවර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් නිරතුරුව ඉල්ලා සිටී.

317 Views

Comments