කඩොලාන වගුරු බිමකින් ලොව විශාලතම බැක්ටීරියාව සොයා ගැනේ


කැරිබියන් කඩොලාන ප්‍රදේශයකින් පියවි ඇසින් දැකිය හැකි විශාලතම බැක්ටීරියාව සොයාගනු ලබයි

.

බොහෝ බැක්ටීරියා අන්වීක්ෂීය වන බවට වූ සිද්ධාන්තය වෙනස් කරමින් ඉතා විශාල වූ පියවි ඇසින් දැකිය හැකි ලොව විශාලතම බැක්ටීරියාව කැරිබියන් කඩොලාන වගුරු බිමකින් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබේ.

 

"දළ වශයෙන් මිනිස් ඇහිබැමක ප්‍රමාණයෙන් යුත් සිහින් සුදු සූත්‍රිකාව මේ දක්වා දන්නා විශාලතම බැක්ටීරියාව බව" Lawrence Berkeley ජාතික රසායනාගාරයේ සමුද්‍ර ජීව විද්‍යාඥයෙකු සහ එහි පත්‍රිකාවේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු නිවේදනය කරන සම කර්තෘ Jean Marie Volland පැවැසීය. 

 

ප්‍රංශ බටහිර ඉන්දීය කොදෙව් සහ Guiana විශ්ව විද්‍යාලයේ සම-කර්තෘ සහ ජීව විද්‍යාඥයෙකු වන Olivier Gros විසින් 2009 වසරේදී Guadeloupe දූපත් සමූහයේ ගිලී ගිය කඩොලාන කොළ වලට ඇලී සිටියදී මෙම බැක්ටීරියාවෙහි පළමු උදාහරණය සොයා ගෙන ඇති අතර Thiomargarita magnifica නොහොත් "විශිෂ්ට සල්ෆර් මුතු" යනුවෙන් ඔවුන් හැඳින්වේ.  

 

මෙම බැක්ටීරියාව සාමාන්‍යයෙන් අඟලකින් තුනෙන් එකක එනම් සෙන්ටිමීටර 0.9 පමණ දිගකින් යුක්ත වන අතර පසුකාලීනව සිදුකරන ලද ජාන විශ්ලේෂණයක් මගින් එම ජීවියා තනි බැක්ටීරියා සෛලයක් බවට අනාවරණය වී ඇත . 

 

“එය පුදුමාකාර සොයා ගැනීමකි. මෙම යෝධ බැක්ටීරියා කොපමණ ප්‍රමාණයක් එහි තිබේද යන ප්‍රශ්නය එය විවෘත කරයි. අප කිසි විටෙකත් බැක්ටීරියා අවතක්සේරු නොකළ යුතු බව අපට මතක් කර දෙයි" යනුවෙන් අධ්‍යයනයට සම්බන්ධ නොවූ ශාන්ත Louis හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ Petra Levin නිරීක්ෂණයේ ප්‍රතිඵල සලකා බලමින් කියා සිටියේය .

Comments