නිවස බලා යමින් සිටි කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

.

පසුගිය මැයි මාසයේ 25 දින රාත්‍රී 10 ට පමණ තනිවම මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අතපත ගාමින් ඇයට ලිංගික අතවර කළ බවට සැකපිට Suginami Ward හි පදිංචිව සිටි සමාගම් විධායක නිලධාරියෙකු වන 31 හැවිරිදි Heisuke Uchiyama නම් පුද්ගලයකු Tokyo අගනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

Srtagaya Ward හි Keio මාර්ගය දිගේ Hachimanyama දුම්රිය ස්ථානය අසල පදික පාලමක් මත ගමන් කරමින් සිටි මෙම කාන්තාවගේ පිටුපසින් පැමිණ ඇයව වැළඳ ගත් බවට Uchiyama ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර 50 හැවිරිදි අර්ධකාලීන සේවිකාවක් වන මෙම කාන්තාව එම අවස්ථාවේ රැකියාව නිම වී නිවස බලා යමින් සිටි බව සඳහන් වේ .

 

Uchiyama එක් අතකින් ඇගේ මුඛය වසාගෙන අනෙක් අතින් ඇගේ සිරුර අල්ලා ගත් බව ඇය පොලීසියට පැවැසූ බවත් ඇයට බාහිර තුවාල කිසිවක් සිදුවී නොමැති බවත් පොලිසිය ප්‍රකාශ කළේය. 

 

2021 වසරේ අග සිට එම ප්‍රදේශය තුළ මෙවැනිම සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති අතර සැකකරු විසින් එම සිද්ධීන්වලට තමා සම්බන්ධ බවට ඉඟි කර ඇති බව විමර්ශන වලදී හෙළිවූ බව පැවැසේ.

Comments