ලෝක ළය ආර පිහිනුම් තරගාවලියේ රිදී පදක්කම දිනා ගත් ජපාන ක්‍රීඩකයා


ලෝක ළය ආර පිහිනුම් තරගාවලි රිදී පදක්කම ජපානයට හිමිවෙයි

.

බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ Budapest හි පැවති ලෝක ශූරතා මංගල පිහිනුම් තරඟාවලියේදී මීටර් 200 පිරිමි ළය ආර ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට 22 හැවිරිදි ජපාන පිහිනුම් ක්‍රීඩක Yu Hanaguruma සමත් වී තිබේ. 

 

පසුගිය වසරේ ඔලිම්පික් රන් පදක්කම දිනාගත් සහ පසුගිය මාසයේ ලෝක වාර්තාව බිඳ දැමූ, වේගවත් නිමා කිරීම් සඳහා ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා වන Zac Stubblety-Cook  පිටුපසින් පැමිණ 2.7.07 කට පසුව තරඟය අවසන් කිරීමට Hanaguruma ට හැකියාව ලැබිණි. 

 

“ වි. 2:07.99 ක් ලෙස සටහන් ව තිබූ මගේ පුද්ගලික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට නොහැකි වීම තරමක් බලාපොරොත්තු සුන් කරවන දෙයක් වූ නමුත් පදක්කමක් සමඟ ගෙදර යාමට හැකිවීම ගැන මට සහනයක් දැනෙනවා. ඒ වගේම එය පැරිස් ඔලිම්පික් උළෙලට පෙර මා ගැන විශ්වාසයක් ඇති කර ගැනීමට හේතුවක් උනා ” යනුවෙන් සිය ජයග්‍රහණය පිළිබඳව අදහස්‌ දක්‌වමින් Hanaguruma පැවසීය.

129 Views

Comments