ඇෆ්ගන් භූමිකම්පාවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි අරමුදල් අපේක්ෂා කරයි


ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවෙන් අවතැන් වූවන්ට අරමුදල් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය යුහුසුලු වෙයි

.

දිනකට පෙර ඇෆ්ගනිස්ථානය සොලවමින් ඇතිවූ භූමි කම්පාව රිච්ටර් පරිමාණයේ 5.9 ක් ලෙස සටහන් ව තිබූ අතර ඒ හේතුවෙන් විපතට පත් වූ සහ  මියගිය සියගණනක් දෙනාගේ  පවුලේ සාමාජිකයන්  වෙනුවෙන් ආධාර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රහස්පතින්දා ලොව පුරා සිටින පරිත්‍යාගශිලීන්ගෙන්  හදිසි අරමුදල් ඉල්ලා සිටියේය.

 

මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුව භූමිකම්පාවේ බලපෑමෙන් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ Paktika සහ Khost යන පළාත්වල අවම වශයෙන් පුද්ගලයින් 755 ක් පමණ මිය ගොස් 1500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වී ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

"මෙම නවතම ව්‍යසනයෙන් පීඩාවට පත් වූ පවුල් වල සිය ගණනක පාකිස්‌තානු ජාතිකයන් වෙනුවෙන් සහාය ලබා දීමට අවශ්‍ය පරිත්‍යාග ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපි බලාපොරොත්තු වෙමු. මේ එළඹ ඇත්තේ සහයෝගීතාවයේ කාලයයි" යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres විසින් බදාදා දින නිකුත් කළ ප්‍රකාශයක සදහන් වේ. 

 

වසර 30ක පමණ කාලයකට පසුව ඇතිවූ දරුණුතම නියඟයේ බලපෑම අත්විඳිමින් සිටි ඇෆ්ගනිස්තානයේ ජනතාවට කොලරාව වසංගතය ව්‍යාප්ත වීම, බෝග නිෂ්පාදනයට බලපෑම් ඇතිවීම වැනි තත්ව යටතේ විනාශකාරී භූමිකම්පාවෙන් පීඩා විඳීමට සිදුව තිබේ. මිලියන 19 ක ප්‍රමාණයක් එනම් රටේ ජනගහනයෙන් අඩකට පමණ ආහාර අනාරක්ෂිතභාවය ඇති බවට සැලකෙන අතර මිලියන 6.6 ක ජනගහනයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

Comments