Kyoto විහාර ගබඩාවේ තැන්පත් කර තිබූ සංස්කෘතික නිධන් මහජනතාවට විවෘත කෙරේ


Kyoto විහාරයේ තැන්පත් නිදන් වස්තු ජනතාවට ප්‍රදර්ශනය කෙරේ

.

රජය විසින් වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කරන ලද බෞද්ධ ප්‍රතිමා 14 ක් සහ අනෙකුත් මූර්ති ඇතුළත් කරමින් නිර්මාණය කර තිබෙන Kyoto නගරයේ Higashiyama Ward හි පිහිටා ඇති Rokuharamitsuji විහාරස්ථානයේ නව Reiwakan ගබඩා සංකීර්ණය මේ වනවිට මහජනතාවට දැක බලා ගැනීම සඳහා විවෘත කර තිබේ. 

 

10 වන ශතවර්ෂයේ දී Amida බුදුන්ගේ ඇදහීම පතුරුවා හැරීමට පුරෝගාමී වූ බෞද්ධ Saint Kuya විසින් ආරම්භ කරන ලදැයි සැලකෙන මෙම විහාරස්ථානය, වැදගත් සංස්කෘතික දේපලක් ලෙස නම් කර තිබෙන Amida බුදුන්ගේ මුඛයෙන් කුඩා ප්‍රතිමා හයක් මතු වී ඇති ලෙසින් දෘශ්‍යමාන වන  Saint Kuyaගේ ​​කීර්තිමත් හිටි පිළිමයක් සඳහා බැතිමතුන් අතර ඉමහත් ප්‍රසිද්ධයට පත්ව ඇති බව පැවැසේ . 

 

මේ වසරට යේදී ඇති පූජකවරයාගේ අභාවයේ 1,050 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් වර්ග මීටර් 210 ක බිම් ප්‍රමාණයකින් යුක්ත වන පරිදි මෙම ශක්තිමත් දෙමහල් කොන්ක්‍රීට් ගබඩා සංකිර්ණය ඉදිකර ඇති අතර "උසස් තරාතිරමක උපත ලද Saint Kuya, සියල්ල ඉවත දමා මිනිසුන්ගේ ගැලවීම සඳහා 'මම Amida බුදුන් සරණ යමි ' යනුවෙන් සජ්ජායනා කළ ආකාරය ප්‍රතිමාව දෙසට යොමු කරන එක බැල්මකින් ඔබට තේරුම් ගත හැකි යැයි මම සිතමි" යනුවෙන් විහාරස්ථානයේ ප්‍රධාන පූජක ලෙස සේවය කරන 67 හැවිරිදි  Junsho Kawasaki ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවසීය.

133 Views

Comments