උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ G-7 එකමුතුව පෙන්වීමට බලාපොරොත්තු වන ජපාන අගමැති


ජපාන අගමැති G7 සමුළුව පිළිබඳව යහපත් ආකල්ප දරයි

.

ජපානය සහ NATO අතර පවතින ඒකාබද්ධ සහයෝගීතාවය ඉහළ නැංවීමටත්, ගෝලීය අර්බුද වලට ප්‍රතිචාර දැක්වීමේදී  G-7 කණ්ඩායම සමඟ සිය එකමුතු බව තහවුරු කිරීමටත් තමන් අපේක්ෂා කරන බව ජපාන අගමැති Fumio Kishida ජර්මනියට සහ ස්පාඤ්ඤයට සිදු කිරීමට නියමිත දින පහක සංචාරය ආරම්භ කිරීමට පෙර සෙනසුරාදා දින ඔහුගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය .

 

"රුසියාවේ යුක්‍රේන  ආක්‍රමණය, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාම, ඉන්දු පැසිෆික් කලාපයේ යුධමය තත්ත්වය සහ දේශගුණික විපර්යාස සහ අනෙකුත් අභියෝග සම්බන්ධයෙන් අවංකව අදහස් හුවමාරු කර ගැනීමට සහ G-7 එකමුතුව ප්‍රදර්ශනය කිරීමට මම කැමතියි" යනුවෙන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් Kishida කියා සිටියේය .

 

G-7 කණ්ඩායමේ නායකයෙකු ලෙස " දකුණු ජර්මනියේ පිහිටි නිවාඩු නිකේතනයක් වන Schloss Elmau හි පැවැත්වෙන තෙදින සමුළුවට සහභාගී වී යුක්‍රේනයේ තත්වය, බලශක්ති ආරක්ෂාව සහ යුද්ධය හේතුවෙන් නැගී එන ආහාර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විම" ජර්මනියට සිදුකළ Kishida ගේ සංචාරයේ අරමුණ ලෙස ඔහු පැවැසීය. 

 

"ජපාන නායකයෙකු වශයෙන් ප්‍රථම වරට NATO සමුලුවකට සහභාගී වීම සහ යුරෝපයේ සහ ඉන්දු-පැසිෆික් කලාපය තුළ පවතින තත්ත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීමට ඒකපාර්ශ්විකව ගනු ලබන උත්සාහයන්ට එරෙහි වීම" Kishida ගේ ස්පාඤ්ඤ සංචාරයේ අරමුණ බව සදහන් කළේය.

146 Views

Comments