ගිනිබත් වූ කලාගාරය පිහිටි ස්ථානයේ ඉදි කිරීමට නියමිත අනුස්මරණ ස්මාරකය


Kyoto Animation කලාගාරය තිබූ ස්ථානයේ ස්මාරකයක් නිමකිරීමට තීරණය කෙරේ

.

පුද්ගලයන් 36 දෙනෙකුට මරණය කැඳවමින් Kyoto Animation හි කලාගාරය පිහිටි ස්ථානයේ සිදුකළ ගිනි තැබීමේ ප්‍රහාරයට ලබන මාසය වනවිට වසර තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම ස්ථානයේ අනුස්මරණ ස්මාරකයක් ඉදිකිරීමට හානියට පත් පවුල්වල සාමාජිකයන් විසින් සිය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. 

 

ප්‍රහාරයෙන් සතියකටත් අඩු කාලයකට පසුව , Kyoto Animation හි සභාපති Hideaki Hatta සහාසික ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් "හැකි නම්, මම එම ස්ථානය උද්‍යානයක් බවට පත් කර ස්මාරකයක් ඉදිකිරීමට කැමතියි" යනුවෙන් පැවැසූ අතර ඝාතනයට ලක් වූ එක් කලාකරුවෙකුගේ මවක් “මට ඔවුන්ට ස්මාරකයක් හදන්න අවශ්‍යයි.  වෙන තැනක නෙවෙයි ස්ටුඩියෝ එක තිබ්බ තැනමයි” යනුවෙන් කියා සිටියාය. 

 

පසුගිය දෙසැම්බර් මාසයේ Kyoto Animation විසින් වින්දිතයින්ගේ පවුල් සමඟ ස්මාරකයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව අදහස් දැක්වීම සඳහා සාකච්ඡාවක් පැවැත්වූ අතර, එතැන් සිට මේ වන තුරුම සාකච්ඡා අඛණ්‌ඩවම ක්‍රියාත්මක වීම සිදුවිය.  

 

Kyoto Animation විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැති නමුත් මේ සම්බන්ධ සමිප මූලාශ්‍ර ප්‍රකාශ කළේ  “මට සිදුවීම මිනිසුන්ගේ මතකයෙන් ගිලිහී යාම වළක්වා ගැනීමට අවශ්‍යයි” සහ “අපිට ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න පුළුවන් නිදහස් ස්ථානයක් අවශ්‍යයයි ” වැනි හේතු මේ වනවිටත් වින්දිතයින්ගේ පවුල් වල සාමාජිකයන් විසින් ඉදිරිපත් කර බවයි.

117 Views

Comments