G-7 නායකයින්ගේ සම්මේලනය ආමන්ත්‍රණය කළ ජපාන අගමැති


ජපන් අගමැති G7 සමුළුව අමතයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මධ්‍යයේ භාණ්ඩ හා සේවා මිල ගණන් අඛණ්‌ඩව ඉහළ යාම හේතුවෙන් සාමාජික රටවල ආර්ථිකයන් ඒකාබද්ධව ආරක්ෂා කර ගත යුතු බවත් රුසියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක තවදුරටත් පවත්වාගෙන යා යුතු බවත් ජපාන අගමැති Fumio Kishida තමාගේ මිත්‍ර නායකයින් හත්දෙනාට කියා සිටි බව ජපාන රජයේ නිලධාරියෙකු ඉරිදා ප්‍රකාශ කළේය. 

 

චීනයේ නැගී එන යුධමය හා ඒකපාර්ශ්වික බලපෑම් හමුවේ ආර්ථික ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම සහ G-7 තුළින් ආර්ථික බලහත්කාරය පිළිබඳ “පැහැදිලි” ස්ථාවරයක් පෙන්විය යුතු බව ජපාන නායකයා මෙහිදී අවධාරණය කර තිබේ. 

 

'යෙන්' හි අගය තියුනු ලෙස පහත වැටී ඇති අවස්ථාවක, G-7 "වේගවත්" මුදල් චලනයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් ඉදිරි පියවරයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත යුතු බව ද Kishida වැඩිදුරටත් අදහස් දක්‌වමින් පැවසීය.

137 Views

Comments