බෑනාට පහර දුන් බවට සැකපිට මාමණ්ඩිය අත්අඩංගුවට ගැනේ


බෑනාට අමානුෂික ලෙස පහර දුන් මාමන්ඩිය අත්අඩංගුවට ගනී

.

බීමතින් පැමිණ සිය බෑනාගේ මුහුණට අමානුෂික ලෙස පහර දුන් බවට සැකපිට සමාගමේ සේවකයෙකු වන 62 හැවිරිදි පුද්ගලයෙකු Kumamoto ප්‍රාන්තයේ Tamana හි පොලිසිය විසින් ඉරිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඉරිදා අලුයම 2 ට පමණ පහර කෑමට ලක්වූ පුද්ගලයාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එහි දී තම මාමණ්ඩිය තමාට පහර දුන් බවට පවසා සිටි බවත් පොලිසිය පැවැසීය. 

 

ඔහුගේ උඩු තොලෙහි ඇතිව තිබූ තුවාලයක් හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර සඳහා තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර තම බෑණාට පහර දෙන්නට තරම් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ආරවුල කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට විමර්ශන කටයුතු සිදුකරන බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්‌වමින් පොලීසිය සඳහන් කළේය.

104 Views

Comments