තවමත් මුව ආවරණ නීතිය ලිහිල් කිරීම පිළිගැනීමට පැකිළෙන ජපන් ජාතිකයෝ


ජපාන ජාතිකයන් බහුතරයක් තවමත් මුඛ ආවරණ නීතිය අනුගමනය කරයි

.

COVID-19 වෛරස ව්‍යාප්තිය පිළිබඳව ඇතිවී තිබූ බිය යමිතාක් දුරකට පහව යාම සහ අධික ලෙස උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන තාප ආඝාත තත්ත්වයෙන් ආරක්ෂා වීම ' වෙනුවෙන් පනවා තිබූ මුව ආවරණ නීති ලිහිල් කීරීම සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල මහජනතාව දැනුවත් කළද , එවැනි ඉල්ලීම් ඔවුන් අතර පුළුල් ලෙස පැතිර ගොස් නැති බව හැකි සෑම විටම ආචාරශීලී ලෙසින් මුව ආවරණය භාවිතයට ගන්නා ජනතාව දැකීමෙන් පැහැදිලි වේ. 

 

එළිමහනේදී එකිනෙකාගෙන් මීටර් දෙකක් ඈතින් සිටින විට මුව ආවරණය ඉවත් කළ හැකි නමුත් බොහෝ දෙනෙකු උණුසුම් කාළගුණ තත්වයන් පිළිබඳව පවා නොසලකා හරිමින්  අව් රශ්මියට නිරාවරණය වන මොහොතේදී පවා ඒවා පැළඳ සිටීමට හුරුව තිබේ. 

 

ඒ හේතුවෙන් පාසලේදී පවා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතව සිටින දරුවන් මෙන්ම එළිමහනේ උත්සව වල සහභාගී වන ජනතාව ද අධික උෂ්ණත්වය හේතුවෙන් රෝහල් ගත කළ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේදී වාර්තා වීම සිදුවිය. 

 

පසුගිය මැයි මාසයේදී  Lanico Inc. විසින් පවත්වන ලද මාර්ගගත සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූවන් 708 දෙනාගෙන් 90% පමණ කියා සිටියේ වෙස්මුහුණු පැළඳීමේ ඉල්ලීම් අවසන් කළ හැකි තත්වයක් තවමත් රට තුළ උද්ගතව ඇති බවට තමන් විශ්වාස නොකරන බවයි.

Comments