රෝගියාට ලිංගික අතවර කළ බවට සැකපිට දන්ත වෛද්‍යවරයෙකු  අත්අඩංගුවට ගැනේ


තම රෝගියාට අතවර කිරීමට තැත් කළ දන්ත වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනේ

.

පසුගිය පෙබරවාරි මාසයේදී දන්ත වෛද්‍ය ගැටලු සදහා ප්‍රතිකාර ගැනීමට පැමිණි 20 හැවිරිදි රෝගියෙකුට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බවට සැකපිට Kumamoto ප්‍රාන්තයේ Tamana හි පොලිසිය විසින් 61 හැවිරිදි Shinya Koyanagi නම් දන්ත වෛද්‍යවරයෙකු ජුනි 26 වන ඉරිදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

ප්‍රතිකාර අතරතුරදී කාන්තාව බදාගෙන ඇගේ පපුව ප්‍රදේශය ඇල්ලීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර "තමන් රෝගියා වැළඳගත් බවට පවසමින් ඔහු සිය වරද පිළිගත් නමුත් ඇයගේ සිරුර අතපත ගෑ බවට වූ චෝදනාව ප්‍රතික්ෂේප කළ බව" පොලීසිය සඳහන් කළේය. 

 

මෙම තරුණිය 2021 ඔක්තෝම්බර් මාසයේ සිට දන්ත සායනයේ නිත්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇති අතර පසුගිය මාර්තු මාසයේදී ඇයට සිදුවූ අතවරය සම්බන්ධයෙන් තම පියා සමග පවසා ඇත . පසුව තරුණියගේ පියා විසින් පොලීසියට සිදු කරන ලද ඉල්ලීමක් අනුව විමර්ශන කටයුතු ආරම්භ කර සැකකාර වෛද්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

Comments