ජපානයේ Imperial Household වෙත පිහියක් යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ


ජපානයේ ජාතික පොලිස් ඒජන්සියේ කොටසක් වෙත පිහියක් යවා තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනේ

.

ජාතික පොලිස් ඒජන්සියේ කොටසක් වන Imperial Household ඒජන්සිය වෙත පිහියක් යැවීමේ සහ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ජුනි 29 වන දින Aichi ප්‍රාන්තයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයකු පොලිස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

ජූනි 25 වැනි දින ඔහු විසින් දිගින් සෙන්ටිමීටර 17ක් පමණ වන පිහි තලයක් සහිත පිහියක් සහ ලිපියක් ඒජන්සිය වෙත යවා ඇති අතර සිදුවිම හේතුවෙන් එක් නියෝජිතායතන සේවකයෙකුට හෝ තුවාලයක් සිදු වී නොමැති බව පොලීසිය සඳහන් කළේය. 

 

අත්අඩංගුවට පත්වූ සැකකරු විසින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව පිළිගෙන ඇති නමුත් අත් අකුරින් ලියන ලද ලිපියේ අන්තර්ගතය පැහැදිලිවම සම්පූර්ණයෙන්ම එකිනෙකට නොගැලපෙන පරිදි ලියා ඇති බැවින්, සැකකරු අපරාධමය වශයෙන් වගකීමක් දැරීමට තරම් මානසික ස්ථායී භාවයකින් යුක්ත දැයි විමර්ශනය කිරීමට අධිරාජ්‍ය ආරක්ෂක මූලස්ථානය අදහස් කරගෙන සිටින බව වාර්තා වේ.

79 Views

Comments