කැනඩාවේදී සොරකම් කළ ගිටාරයක් වසර 45 කට පසුව ජපානයෙන් හමුවෙයි


කැනඩාවේදී සොරකම් කළ ගිටාරයක් ජපානයෙන් හමුවේ

.

කැනේඩියානු රොක් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු මෙන්ම ජනප්‍රිය වාදකයෙකු, ගායකයෙකු සහ වේදිකාවේ රඟ දක්වන්නෙකු වූ Randy Bachman හට අයත්ව තිබූ ගිටාරය මීට වසර 45 කට පෙර කැනඩාවේ Toronto නගරයේ සිදුකළ සංචාරයක් අතරතුරදී කිසිවෙකු විසින් සොරකම් කර තිබූ නමුත් වසර 45 කට පසුව එය යළිත් ජපානයේ Vintage සාප්පුවක තිබියදී පසුගියදා සොයාගැනීමට හැකිවී තිබේ. 

 

සාප්පුවේ අලෙවියට තබා තිබූ ගිටාරය මිලදී ගත් ජපන් සංගීතඥයෙකු විසින් ගිටාරය එහි නියම හිමිකරුට ලබා දීමට එකඟ වීමත් සමඟ එකළ Rock තරුවක් වූ Randy තම අහිමි වූ ආදරය නැවත ලබා ගැනීමට එනම් තම ගිටාරය නැවත ලබා ගැනීමට Tokyo නගරය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. 

 

"අපි ලෝකය පුරා සෙව්වා. අවසානයේ එය ජපානයේ ... මගේ පලමු ගිටාරය මගේ අතේ තිබෙන නිසා මම අඬන බව මට විශ්වාසයි"  යනුවෙන් 78 හැවිරිදි Randy පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

114 Views

Comments